Terms

No refunds can be made after purchasing vouchers or other opportunities that come with the vouchers to watch the movie. If required, you can transfer the vouchers you purchased or other opportunities that come with the vouchers to someone else.

Every two weeks after you purchase vouchers or other opportunities with vouchers, we notify you of the film’s production via email and WhatsApp.

An e-voucher will be issued to you a week before the film’s release.

Once the movie starts screening, you can watch the movie on all days except the Poya days of the nearest cinema till the end of the screening and we will keep you informed about the screening times and theaters.

Not all movies are shown in every city, so if at some point you are not able to watch the movie at your local cinema, you will have the opportunity to watch it at the nearest cinema.

If you do not use your electronic vouchers during the movie’s screening period, they will be canceled. Vouchers that are not used will not be refunded, and there will be no possibility of watching another movie using those vouchers.

In addition to the vouchers, there will be no refunds for the purchases you make if you do not attend the events on the dates notified by us.

Your purchase of vouchers or other opportunities will indicate the beginning month of the screening of the movie, which can only be delayed up to a maximum of three (3) months.

The actors who will act in the films created by this platform are mentioned from the beginning and we make every effort to use the same actors who are advertised. However, if they are unable to participate in the production due to their lack of filming dates or other reasons, we have the full right to use other actors or actresses for those roles.

If an attempt to raise production funds for a film fails, at that point, if a person has paid for the film, action will be taken to refund their money.

I read the above terms carefully and agree with all of them.

 

කොන්දේසි

චිත්‍රපටය නැරඹීම සඳහා වවුචර හෝ වවුචර සමඟ ලැබෙන වෙනත් අවස්ථා මිලදී ගැනීමෙන් පසු නැවත මුදල් ඉල්ලා සිටීමක් කළ නොහැක. අවශ්‍ය නම් තමන් මිලදී ගත් වවුචර හෝ වවුචර සමඟ ලැබෙන වෙනත් අවස්ථා වෙනත් කෙනෙකුට පැවරිය හැකිය.

ඔබ විසින් වවුචර හෝ වවුචර සමඟ වෙනත් අවස්ථාවන් මිලදී ගත් පසු සෑම සති දෙකකට වරක් ඔබට ඊමේල් සහ වට්ස්ඇප් හරහා චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතු පිළිබඳව අප විසින් දැනුවත් කරනු ලබයි.
චිත්‍රපටය තිරගත වීම ආරම්භ කිරීමට සතියකට පෙර සිනමා ශාලාව වෙත ඉදිරිපත් කළ හැකි විද්්‍යුත් වවුචරයක් ලබා දෙනු ඇත.

චිත්‍රපටය තිරගත වීම ආරම්භ කළ පසු, තිරගත කිරීම අවසන් කරන තෙක් ඔබට ආසන්නතම සිනමා ශාලාවේ පෝය දිනවල හැර අනෙකුත් දිනවල චිත්‍රපටය නැරඹිය හැකි අතර, දර්ශන වේලාවන් පිළිබඳව අපි ඔබව දැනුවත් කරන්නෙමු.

සෑම චිත්‍රපටයක්ම සෑම නගරයකම තිරගත නොකරන බැවින් ඔබගේ නගරයේ සිනමා ශාලාවේදී ම චිත්‍රපටය නැරඹීමට යම් අවස්ථාවක දී නොහැකි වුවහොත් ඔබට ආසන්නතම සිනමා ශාලාවේ එය නැරඹීමේ අවස්ථාව ඔබට හිමි වෙයි.

චිත්‍රපටය සිනමා ශාලාවන්හි තිරගත වන කාලය තුළ ඔබ විසින් ඔබගේ විද්්‍යුත් වවුචර පත් භාවිත නොකළේ නම් ඒවා අවලංගු වනු ඇත. එසේ භාවිතා නොකළ වවුචර සඳහා නැවත මුදල් ගෙවීමක් සිදු නොකරන අතර, එම වවුචර භාවිතයෙන් වෙනත් චිත්‍රපටයක් නැරඹීමේ හැකියාවක් ද නොමැත.

වවුචර වලට අමතරව ඔබ මිලඳී ගන්නා අවස්ථාවන් සඳහා අප විසින් දැනුම් දෙන දිනයන් හි දැනුම් දෙනු ලබන වේලාවන්ට සහභාගි නොවන්නේ නම් ඒවායේ ද මුදල් නැවත ගෙවීමක් සිදු නොකරයි.
ඔබ විසින් වවුචර හෝ වවුචර සමඟ ලැබෙන වෙනත් අවස්ථා මිලදී ගන්නා චිත්‍රපටය තිරගතවීම ආරම්භ වන මාසය මුලදී සඳහන් කරනු ලබන අතර, එම කාලය උපරිම මාස තුනක් (3) දක්වා පමණක් ප්‍රමාද විය හැකියි.

මෙම වේදිකාව මඟින් නිර්මාණය කෙරෙන චිත්‍රපට හී රංගනයෙන් දායකවන රංගන ශිල්පීන් පිළිබඳව මුල සිටම සඳහන් කෙරෙන අතර, එලෙස ප්‍රචාරය කරනු ලබන රංගන ශිල්පීන්ව ම යොදා ගැනීමට අපි සෑම උත්සාහයක් ම දරනු ලබයි. කෙසේ වුවත්, රූගත කිරීම් සඳහා ඔවුන්ගේ දින නොමැතිකම නිසා හෝ වෙනත් කාරණා හේතුවෙන් ඔවුන්ට අදාල නිර්මාණයට දායකවීමට නොහැකි වුවහොත්, එම චරිත වෙනුවෙන් වෙනත් රංගන ශිල්පීන් හෝ ශිල්පිනියන් යොදා ගැනීමට අපට සම්පූර්ණ අයිතිය තිබෙන බව මෙහි සදහන් කරමු.

යම් චිත්‍රපටයක් සඳහා නිෂ්පාදන අරමුදල් සොයා ගැනීම සඳහා කරනු ලබන ප්‍රයත්නය අසාර්ථක වුවහොත්, එම අවස්ථාව වන විට එම චිත්‍රපටය සඳහා යම් පුද්ගලයෙකු මුදල් ගෙවා ඇත්නම් එම මුදල් ආපසු ගෙවීමට කටයුතු කරනු ඇත.