When the body of 20-year-old Siluni Edirimanne was found on the banks of the Kelani River, the investigation was handed over to a brilliant detective named Ranjan Rodrigo. Uvindu Prabhaswara, a young man who was studying criminology at the time, was filming from beginning to end of the investigation in order to create a documentary on the criminal investigation.
Meanwhile, Siluni’s best friend, Aksha de Silva, rescues the hard drive of Siluni’s computer at her request before she dies, in order to hand it over to the police. But Aksha, who thinks it is more important to reveal to the world the extremely dark story behind Siluni’s death, publishes one by one of the content on that hard drive on her Facebook page called ‘Sailor’s Knot’, revealing a dark truth that goes beyond mere murder.
The film manages to capture the essence of human relationships, the dark side of Sri Lankan politics, love, selfishness, introspection, the pursuit, the fulfillment of human nature. The way it is used unfolds on the silver screen as a unique cinematic experience that the Sri Lankan audience has never experienced in Sinhala cinema.
20 හැවිරිදි තරුණියක වන සිළුනි එදිරිමාන්නගේ මෘත දේහය කැළණි ගං ඉවුරෙන් හමුවීමත් සමඟ, එකී පරීක්ෂණය භාර වන්නේ රන්ජන් රුද්‍රිගෝ නැමැති අති දක්ෂ පොලිස් පරීක්ෂකවරයාටය. ඒ වන විට අපරාධ විද්‍යාව හදාරමින් සිටින තරුණයෙකු වන උවිඳු ප්‍රභාෂ්වර, එකී පරීක්ෂණයේ මුල සිට අග දක්වා රූගත කරන්නේ අපරාධ පරීක්ෂණය – සම්බන්ධ වාර්තා වැඩසටහනක් නිර්මාණය කිරීමේ අටියෙනි.
මේ අතර මියගිය සිළුනිගේ හොඳම මිතුරිය වන, ආක්ෂා ඩි සිල්වා, මිය යාමට පෙර සිළුනිගේ ඉල්ලීමක් අනුව ඇගේ පරිඝණකයේ හාඩ් ඩ්‍රයිව් එක ගලවාගෙන පැමිණෙන්නේ එය පොලීසිය අතට පත්කිරීමේ අටියෙනි. නමුත් – සිළුනිගේ මරණය පිටුපස ඇති අතිශයින්ම අඳුරු කතාන්දරය ලොවට හෙළිකිරීම වඩා වැදගත් යැයි සිතන ආක්ෂා, ‘සේලර්ස් නොට්’ නම් වූ තම ෆෙස් බුක් පිටුවේ එකී හාඩ් ඩ්‍රයිව් එකේ ඇති දත්ත එකින් එක පළ කරන්නේ හුදු මිනීමැරුමකට එහා ගිය අඳුරු සත්‍යයක් හෙළි කරමිනි.
සමාජ මාධ්‍ය හමුවේ මානව සම්බන්ධතා දියැවී යාම, ශ්‍රී ලාංකේය දේශපාලනයේ අඳුරු අහුමුළු, ප්‍රේමය, ආත්මාර්ථකාමීත්වය, තමාගේම පෞරුෂ තුළට එබී බැලීම් මැදින්, වියෝවීම්, ලුහුබැඳයාම්, යුතුකම් ඉටුකිරීම් දක්වා කුතුහලය ද, ත්‍රාසය ද, මනුෂ්‍ය ස්වභාවයන් ද ගෙනහැර දක්වමින් ඉදිරියට ගලායන සේලරුවාගේ සළකුණ චිත්‍රපටය, සත්‍ය ශ්‍රව්‍ය-දෘෂ්‍ය අමුද්‍රව්‍ය භාවිතා කළ ආකාරයෙන් රිදී තිරය මත දිගහැරෙන්නේ ශ්‍රී ලාංකේය ප්‍රේක්ෂකයා අන් කිසි දිනකවත් ශ්‍රී ලාංකේය සිනමාව තුළ අත්විඳ – අත්දැක නැති සුවිශේෂී සිනමාත්මක අද්දැකීමක් විලසිනි.