ක්ෂේත්රයේ වසර 20කට එපිට අද්දැකීම් ඇති රන්ජන් ප්‍රසන්න, ක්ෂේත්රයට පිවිසෙන්නේ සහය අධ්‍යක්ෂකවරයෙකු වශයෙනි. “එකමත් එක රටක”, “ජූලියා”, “ගාඩි”, “ඉර හඳ යට”, “සිංහාවලෝකනය”, “ජුසේවාස්”, “ද නිව්ස් පේපර්” ඇතුළු සිනමාපට 20කට අධික ප්‍රමාණයක සහය අධ්‍යක්ෂකවරයා ලෙස හෙතම කටයුතු කර ඇත. සහය අධ්යක්ෂණයට අමතරව, නිෂ්පාදන කළමණාකරණය, කලා අධ්‍යක්ෂණය වැනි ක්ෂේත්‍ර වලද පලපුරුද්ද සහිත රන්ජන් ප්‍රසන්න, තම පළමු සිනමා අධ්‍යක්ෂනයෙන්ම අන්තර්ජාතික සම්මානයට පාත්‍ර වූවෙකි. “විසංගමනය” නම් වූ ඔහුගේ ප්‍රථම සිනමා අධ්‍යක්ෂණය, අන්තර්ජාතික සම්මාන හයකින් පිදුම් ලැබීය. සිනමාවට අමතරව ටෙලි නාට්‍ය ක්ෂේත්රයේදී මනා අද්දැකීම් සපිරි අධ්‍යක්ෂකවරයෙකු වන රන්ජන් ප්‍රසන්න “රෑන”, “සේයා”, “රතු පිච්ච”, “සුජාතා”, “සුර විමන” ඇතුළු අතිශයින් ජනාදරයට පත්වූ ටෙලි නාට්‍යය රාශියක් ද අධ්‍යක්ෂණය කර තිබේ. දේශීය හා විදේශීය සිනමා නිර්මාණ, වාර්තා වැඩසටහන් කිහිපයකම නිෂ්පාදන සම්බන්ධීකාරක ලෙස කටයුතු කර ඇති රන්ජන් ප්‍රසන්න, සිනමා හා රූපවාහිනී නිෂ්පාදන තාක්ෂනය පිළිබඳ උපාධි අපේක්ෂකයෙකි.