Box Office Sri Lanka

අප ගැන

With more than 25 years of experience in the film industry, this platform is being built with the contribution of several filmmakers from various stages of knowledge who have contributed to some landmark films in the history of Sri Lankan cinema. Our target is to work for the betterment of the Sri Lankan film “Industry” to enhance the quality of the filmmaker and the audience, and provide a reliable and effective service for that.

සිනමා ක්ෂේත්‍රයේ වසර 25කට වඩා අත්දැකීම් ඇති, ශ්‍රී ලාංකේය සිනමා ඉතිහාසයේ සුවිශේෂි මං සළකුණු තැබූ සිනමා නිර්මාණ රාශියකට දායකත්වය සැපයූ, විවිධ වපරිසරයන්හි කටයුතු කළ සිනමා ශිල්පීන් රැසකගේ දායකත්වයෙන් මෙම වේදිකාව ගොඩනැගෙයි. ශ්‍රී ලාංකේය සිනමා “කර්මාන්තයේ” අභිවෘර්ධිය උදෙසා කටයුතු කිරීමත්, සිනමාකරුවාගේ සහ ප්‍රේක්ෂකයාගේ තත්ත්වය උසස් කිරීමත්, මෙහි බලාපොරොත්තුව වන අතර, ඒ වෙනුවෙන් විශ්වසනීය සහ ඵලදායී සේවාවක් සැපයීම අපගේ අරමුණයි.

How does this platform benifit the filmmakers?

මෙම වේදිකාව සිනමා නිර්මාණකරුවාට වාසිදායක වන්නේ කෙසේද?

Nowadays, finding a financier/producer for one’s work has become an extremely difficult task not only for novice filmmakers but also for experienced filmmakers. It is no secret that if there is financial freedom in filmmaking, the horizons of creativity will expand. The foremost function of our platform is to give financial backing to filmmakers through crowdfunding.
Through this we hope to raise the standards of the film industry, thereby increasing the pay of those working in the film industry by giving a high value to the creative labor that is currently valued at a very small price. The platform further enhances the value of the director’s creative contribution by giving the director a certain percentage of the profits from the screening of the film and expands the audience of the production by conducting regular promotions from the moment the production begins. The platform also sells tickets and promotes films that have already been completed

නවක සිනමාකරුවෙකුට පමණක් නොව, පළපුරුදු, ප්‍රවීණ සිනමාකරුවෙකුට පවා, තම නිර්මාණයක් සඳහා අර්ථපතියකු/නිෂ්පාදකයකු සොයාගැනීම වර්තමානයේ අතිශය දුෂ්කර කාර්යයක් බවට පත්වී ඇත. සිනමාකරණයෙහි ලා ආර්ථික නිදහස ඇතිනම් නිර්මාණශීලීත්වයේ නිම් වළලු පුළුල් වන බව නොරහසකි. අපගේ මෙම වේදිකාව තුලින් සිදුවන ප්‍රමුඛතම කාර්යය වනුයේ මහජන අරමුදල් හරහා සිනමාකරුවන්ට අර්ථපතීත්වය ලබා දීමයි.
තව ද මේ හරහා සිනමා කර්මාන්තයේ ප්‍රමිතීන් ඉහළ නැංවීම අපගේ අපේක්ෂාවක් වන අතර, එමගින් දැනට ඉතා සුළු මුදලකට තක්සේරුවන නිර්මාණාත්මක ශ්‍රමයට ඉහළ වටිනාකමක් ලබාදීම මගින්, සිනමා ක්ෂේත්‍රයේ කටයුතු කරන්නන්ගේ ගෙවීම් ඉහළ නැංවීම ද අපගේ අරමුණකි. සිනමා නිර්මාණය ප්‍රදර්ශනය කිරීමෙන් ලැබෙන මුදලින් යම් කිසි ප්‍රතිශතයක් අධ්‍යක්ෂකවරයාට ලබා දීම මගින් අධ්‍යක්ෂකවරයාගේ නිර්මාණශීලී දායකත්වයට ලැබෙන වටිනාකම තවත් ඉහළ දැමීම සහ නිර්මාණ කටයුතු ආරම්භ කරන මොහොතේ පටන් නිරන්තර ප්‍රවර්ධන කටයුතු සිදුකිරීම මගින් අදාළ නිර්මාණයේ ප්‍රේක්ෂකාගාරය පුළුල් කිරීම ද මෙම වේදිකාව මගින් සිදුකෙරෙයි.මේ වන විට වැඩ කටයුතු නිමවා ඇති සිනමාපට සඳහා ටිකට්පත් අළෙවි කරදීම, ප්‍රවර්ධන කටයුතු සිදුකිරීම ද මෙම වේදිකාව මගින් සිදුකෙරෙන තවත් කාර්යයකි.

How does this platform benefit the patron/funder?

මෙම වේදිකාව ප්‍රේක්ෂකයාට/අරමුදල් සපයන්නාට වාසිදායක වන්නේ කෙසේද?

Crowdfunded patrons, in addition to being given tickets to watch the film, depending on the amount of the contribution, are allowed to participate in the filming, to travel with the production team to the cinemas to participate in promotional activities, such as the Muhurath Festival and premiere. Through this platform, the opportunity to interact with the artists in the film, receive a DVD of the film a few months after the screening of the film, and a place in the main titles of the film are also given.

සමූහ අරමුදල් සපයන ප්‍රේක්ෂකයාට, සපයන අරමුදලේ ප්‍රමාණයට අනුව, චිත්‍රපටය නැරඹීම සඳහා ප්‍රවේශපත්‍ර ලබාදීමට අමතරව සිනමා නිර්මාණයේ රූගත කිරීම් වලට සහභාගී වීමට අවස්ථාව ලබාදීම, නිෂ්පාදන කණ්ඩායම සමඟ සිනමා ශාලාවලට යමින් ප්‍රවර්ධන කටයුතුවලට දායක වීමට අවස්ථාව ලබා දීම, මුහුරත් උළෙල, මංගල දර්ශනය වැනි සුවිශේෂි අවස්ථා වලට සහභාගී වීමට අවස්ථාව ලබා දීම, සිනමාපටය තිරගතවී යම් කිසි කාලයකට පසු, එහි ඩී.වී.ඩී පටයක් ලබා දීම, සිනමා පටයේ නාමාවලියේ ස්ථානයක් ලබා දීම වැනි කටයුතු මෙම වේදිකාව හරහා සිදුකෙරෙයි.

Why do I spend money even before making the movie?

චිත්‍රපටය නිර්මාණය කිරීමට පෙර මා, මුදල් වියදම් කරන්නේ ඇයි?

There are several reasons…

One reason is that nowadays not many people come forward to help new and first-time film directors with their productions. But we study their projects well and help them to find the production cost through this platform. Apart from that, they are given the necessary guidance they need until their films are screened in cinemas.

By purchasing a voucher for the film now, you will not only have the financial advantage and the opportunity to work with industry veterans as well as celebrities, but you will also be of great help to talented new directors who have made their film a ‘Dream’.

No matter what profession you are in, it is extremely gratifying to have the opportunity to contribute to a film as a film fan. There is no other way to get the feeling you get when a film that made with your contribution is shown on the big screen. That experience as a movie fan is priceless.

Another special reason is ‘Anticipation’. Since you made some financial contribution to the film at the outset, you will be able to get to know and understand what is going on in the production process of the film from time to time. Every two weeks we inform everyone who contributed about the current state of the movie, so you look forward to watching it in the cinema.

ඊට හේතු කිහිපයක් දැක්විය හැකිය.
එක් හේතුවක් වන්නේ වර්තමානයේ නවක සිනමා අධ්‍යක්ෂකවරුන්ට නිෂ්පාදන දායකත්වයෙන් උපකාර කරන්න බොහෝ දෙනෙකු ඉදිරිපත් නොවීමය. නමුත් මෙම වේදිකාව මඟින් ඔවුන්ගේ ව්‍යාපෘති පිළිබඳ හොඳින් අධ්‍යනය කර, නිෂ්පාදන වියදම සොයා ගැනීමට උපකාර කරනු ලැබේ. ඉන් නොනැවතී, ඔවුන්ගේ සිනමා නිර්මාණ සිනමා ශාලාවේ තිරගත කිරීම දක්වාම ඔවුන්ට අවශ්‍ය මඟ පෙන්වීම ලබාදෙනු ලැබේ.

ඔබ චිත්‍රපටය නැරඹීම සඳහා දැන්ම ප්‍රවේශ පත්‍රයක් මිළ දී ගැනීම මඟින් ඔබට එහි ඇති මූල්‍යම වාසිය සහ ක්ෂේත්‍රයේ ප්‍රවීනයන් මෙන්ම ජනප්‍රිය තරු සමඟ එක්ව කටයුතු කිරීමට අවස්ථාව ලැබීමට අමතරව, සිනමා නිර්මාණයක් ‘සිහිනයක්’ වූ දක්ෂ නවක අධ්‍යක්ෂකවරුන්ට ඔබ කරන්නේ මහත් උපකාරයකි.

ඔබ කුමන වෘත්තියක නියැලෙන්නකු වුව ද, සිනමා රසිකයෙකු ලෙස සිනමා කෘතියකට තමන්ගේ දායකත්වය ලබාදෙන්නට අවස්ථාව ලැබීම යනු අතිශයින් තෘප්තිය උපදවන කරුණකි. තමන්ගේ දායකත්වයෙන් නිර්මාණය වන සිනමාපටයක් පුළුල් තිරය මත ප්‍රදර්ශනය වෙද්දී දැනෙන හැඟීම අන් කිසිඳු ක්‍රමයකින් ලබාගත නොහැක. සිනමා රසිකයෙක් ලෙස ඒ ලැබෙන අත්දැකීම මිල කළ නොහැක්කකි.

තවත් විශේෂ හේතුවක් වන්නේ ‘බලා සිටීමයි’. එනම් ඔබ චිත්‍රපටයේ ආරම්භයේදී ම ඊට යම් මූල්‍යමය දායකත්වයක් ලබා දී ඇති නිසාවෙන් විටින් විට චිත්‍රපටයේ නිෂ්පාදන ක්‍රියාවලිය තුළ සිදුවන දේ පිළිබඳ දැන ගැනීමට සහ අවබෝධයක් ලබා ගැනීමට ඔබට හැකි වීමයි. සෑම සති දෙකකට වරක් චිත්‍රපටයේ වර්තමාන තත්ත්වය පිළිබඳ මුදල් ගෙවූ සියල්ලන්ව අප විසින් දැනුවත් කරන අතර, එමඟින් සිනමා ශාලාවේ එය නැරඹීම දක්වා ඔබ සිටින්නේ බලාපොරොත්තු සහගතව බලා සිටීමෙනි.

Terms & Conditions